Friday, July 22, 2011

Welcome... කොයි දේ වෙන්නෙත් හොදටයි

          අද ඉදන් මම අලුතෙන් තවත් Blog එකක් ලියන්න පටන් ගන්නවා.  මේක මගෙ කලින් Blog එක වගේ Science පැත්තට බර වෙච්ච එකක් නම් නෙවෙයි... අපට (මටයි මගෙත් එක්ක ඉන්න  සෙට් එකටයි) ඉදල ඉදල වැටෙන බාල්දි ගැන තමා  මේකෙන් කියන්න හදන්නෙ.. එ්ත් එක්කම පොඩ්ඩක් හිනා යන  දේවලුත් ඉදල හිටල වෙනවා. එ්වා ගැනත් ලියන්නම්.
          කොච්චර බාල්දි වැටුනත් මම නම් කියන්නෙ කොයි දේ  වෙන්නෙත් හොදටයි කියලා...
එ්කට  ෙහ්තු වුණේ මම සා.පෙ ට පන්ති යන කාලෙ අහපු කථාවක්.... එ් හින්ද  පළවෙනි Post එකට එ් කථාව දාන්න හිතුවා. කථාව  මෙහෙමයි...
         එකමත් එක කාලෙක එක රටක රජ කෙනෙක් හිටියා. දවසක් ඔය රජතුමයි රජ තුමාගෙ මහ අැමති තුමයි ගමනක් යනවා.මේ මහ අැමතිට පුරුද්දක් තිබුණලු රජ තුමාට මෙන කරදරේ උනත් මෙන මරාලෙ පාත් උනත් කොයි දේ වෙන්නෙත් හොදටයි මහ රජතුමනි කියලා හිනා වෙන. ඉතින් ඔහොම  ෙදන්න කැලෑවක් මැද්දෙන් යන්න ගත්තලු. හිටි ගමන් රජතුමා  බොරු වලකට වැටිලා කකුලත් තුවාල උනා.මහ අැමතිත් දනි පනි ගහල රජතුමාව ගොඩට අරන් කොයි දේ වෙන්නෙත් හොදටයි රජතුමනි කියලා හිනා උනා. රජ්ජුරුවන්ට අම්බානට මල.එහෙනං තෝත් වලටම වෙලා හිටු කියලා රජ්ජුරුවො මහ අැමතියව වලට තල්ලු කරලා ගමන තනියම යන්න ගියා. ඔය අතර කැලේට නිදානයක් ගන්න අාපු හොරු රංචුවක් හිටියා. එ් ගොල්ල ගෙනාපු බිල්ල පැනල ගිහින්.ඔය යන අතර මගදි රජතුමා අහු උනා හොරු රංචුවට.රජතුමත් හිටියෙ තනියමනෙ. මුන් ටික දන්නෑ ෙම් ඉන්නෙ රජතුමා කියලා. හොරු ටික ඉතින් බිල්ල නැති නිසා ෙම්කවත් බිලි දෙමු කියලා රජතුමා අරන් ගියා බිලි  ෙදන්න. බලනකොට මුගෙ කකුලෙ තුවාලයක්. ඉතින් තුවාල තියන අයව බිල්ලට දෙන්න බෑනෙ ඉතින් හොරු ටික රජතුමාට යන්න අැරිය. රජතුමාට තේරුණා මහ අැමති කියපු කථාව අැත්ත කියලා. පොර හැරුණු තැපෑලෙන් ගිහින් මහ අැමති ගොඩ අරන් වෙච්ච සිද්ධිය කිව්වා. ෙම්ක හොදට අහන් හිටපු මහ අැමති හිනා වෙලා මෙහෙම කියනවලු " ඔබ වහන්සේ මාව වලට තල්ලු කරන් නැතිව ගියානම් හොරු මාව අල්ල ගන්නවනෙ බිලි දෙන්න. එ්කනෙ රජතුමනි කියන්නෙ කොයි ෙද් වෙන්නෙත් හොදටයි කියලා...."

No comments:

Post a Comment