Friday, July 22, 2011

බලාගෙන hall copy බාන්න එපා...

        ෙම්ක අපේ Campus එකේ උන සිද්ධියක්. අපේ Computer Society එකෙන් 3D Film පෙන්නන්න  පොඩි ෆන්ෂන් එකක් ලෑස්ති කරනවා. මමත් ඔය සොසයිටියෙ වැඩ. අපි ඉතින් e-bay එකෙන් 3D Glass එහෙම ගෙන්නගන්න ලෑස්ති ෙවනවා. සමහරු Film බාන්න ලෑස්ති  ෙවනවා. කට්ටිය දැන් හෝ ගාලා ෆන්ෂන් එක කරන විදිහ සාකච්ඡා කරනවා. සමහරු ප්‍රොජෙක්ටර් වලින් Film පෙන්නන්න කථාව. තව අය ලැබ් එකේ Computer ටික අරන් එ්වයෙන් පෙන්නන්න කථාව. දන්නවනෙ ඔය 3D Film පෙන්නන එක හිතන තරම් ලේසි නෑ. Film එක නියම තත්වයෙන් පේන්න නම් හරි අෑංගල් එකෙන් ඔ්ක බලන්ඩ එපැයි. එ්ක කණ්ණාඩි ටික අාවම බලල තීරණය කරමු කියල කස්ටිය පෙන්නන Film මොනවද කියලා සාකච්ඡා කරන්ඩ ගත්ත. Avatar පෙන්නන්ඩ තීරණය කරා තව step-up 3 එහෙමත් පෙන්නන්ඩ තීරණය කරා. තව Film 4ක් 5ක්  යෝජනා උනා. සමහර Film අපි ලග තිබුණා. අනික් එ්වා අන්තර්ජන්ජාලයෙන් බාන්ඩ කථා උනා. මොකද ලංකාවෙ Film Shop වලින් 3D Film ගන්න තියනව යැ. ඔය අතරෙ අපේ සොසයිටියෙ ගරු සභාපතිතුමා කියනවා "මල්ලි බලාගෙන බානකොට  hall copy එහෙම බාන්න එපා..."



No comments:

Post a Comment